,
Covid-19

සුවය ලැබූ ගණන 604 දක්වා ඉහළට – දෛනික වාර්තාව

(RIVIRA.LK, 2020 මැයි 21 පස්වරු 02.54ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව මැයි 21 බ්‍රහස්පතින්දා පස්වරු 02.30 වන විට 1,028ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මැයි 21 දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් වාර්තා වී නැති අතර ආසාදිතයින් 20ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 604කි. සමස්ථ ආසාධිතයින් අතුරින් 9 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 415ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 139ක් බවද සඳහන් වේ.

මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 58.7%ක් ලෙසත් මරණ අනුපාතය 0.8%ක් ලෙසත් වාර්තා වේ.

මේ වන විට නාවික හමුදා සාමාජිකයින් 585 දෙනෙකුත්, යුධ හා ගුවන් හමුදා සාමාජිකයින් 12 දෙනෙකුත් වෛරසය ආසාදිත සමස්ථ පිරිස අතර සිටිනවා.

ඒ අනුව දැනට සිටින සක්‍රීය ආසාදිතයින් 415 අතුරින්,

  • IDH රෝහල – 85
  • වැලිකන්ද මූලික රෝහල – 34
  • මුල්ලේරියාව මූලික රෝහල – 52
  • ඉරණවිල මූලික රෝහල – 05
  • කාත්තන්කුඩි මූලික රෝහල – 28
  • නාවික හමුදා රෝහල – 126ක් ද
  • හෝමාගම මූලික රෝහල – 37ක් ද
  • මිනුවන්ගොඩ මූලික රෝහල – 48ක් ද ප්‍රතිකාර ලබමින් සිටිනවා.

අප්‍රේල් 22 දිනෙන් පසු වාර්තා වූ ආසාදිතයින්ගෙන් අතිශය බහුතරයක් නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් වී තිබේ.

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 47,521ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා. එම ප්‍රමාණය ජනගහණය මිලියනයකට සාපේක්ෂව 2,200ක අගයක් ගනී.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දත්ත අනුව දෛනික පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය සහ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව හඳුනාගෙන ඇති ආසාදිතයින් ප්‍රමාණය මෙසේය.

  • මැයි 01 – 1,107 – නව ආසාදිතයින් ගණන – 25
  • මැයි 02 – 1,681 – නව ආසාදිතයින් ගණන – 15
  • මැයි 03 – 1,636 – නව ආසාදිතයින් ගණන – 13
  • මැයි 04 – 986 – නව ආසාදිතයින් ගණන – 37
  • මැයි 05 – 1,491 – නව ආසාදිතයින් ගණන – 16
  • මැයි 06 – 1,147 – නව ආසාදිතයින් ගණන – 29
  • මැයි 07 – 1,553 – නව ආසාදිතයින් ගණන – 27
  • මැයි 08 – 1,821 – නව ආසාදිතයින් ගණන – 11
  • මැයි 09 – 1,424 – නව ආසාදිතයින් ගණන – 12
  • මැයි 10 – 1,282 – නව ආසාදිතයින් ගණන – 16
  • මැයි 11 – 1,057 – නව ආසාදිතයින් ගණන – 06
  • මැයි 12 – 1,078 – නව ආසාදිතයින් ගණන – 20
  • මැයි 13 – 889 – නව ආසාදිතයින් ගණන – 26
  • මැයි 14 – 1,489 – නව ආසාදිතයින් ගණන – 10
  • මැයි 15 – 938 – නව ආසාදිතයින් ගණන – 10
  • මැයි 16 – 1,081 – නව ආසාදිතයින් ගණන – 25
  • මැයි 17 – 1,254 – නව ආසාදිතයින් ගණන – 21
  • මැයි 18 – 960 – නව ආසාදිතයින් ගණන – 11
  • මැයි 19 – 1,062 – නව ආසාදිතයින් ගණන – 35
  • මැයි 20 – 1,108 – නව ආසාදිතයින් ගණන – 01

මැයි මාසය තුළ මෙතෙක් සමාජය තුළින් ආසාදිතයින් වාර්තා වී නැති බව සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටිනවා. හමු වී ඇති සියලු ආසාදිතයින් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් සහ නාවික හමුදා සාමාජිකයින් අතරින් හමුවී ඇති බව වැඩිදුරටත් සඳහන් කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top