,
Covid-19

තවත් ආසාදිතයින් 17ක්, සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 1045 දක්වා ඉහළට

(RIVIRA.LK, 2020 මැයි 21 පස්වරු 06.42ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව මැයි 21 පස්වරු 05.30 වන විට 1,045ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මැයි 21 දිනය තුළ නව ආසාදිතයින් 17ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 20ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් 17 දෙනාගෙන් දෙදෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර අනෙක් 15 දෙනා ඩුබායි සිට මෙරටට පැමිණ ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායනයට ලක් වෙමින් සිටි අයයි.

ඒ අනුව, මේ වන විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 604කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 9 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 432ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 139ක් බවද සඳහන් වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top