,
News

ස්වයං රැකියා ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ඝාතනය කෙරේ

(RIVIRA.LK, 2020 ජුනි 11 පෙරවරු 11.10ට)

මිරිහාන ප්‍රදේශයේදී සිදු වූ පහරදීමකින් 53 හැවිරිදි ත්‍රීරෝද රථ රියැදුරෙකු මියගොස් තිබේ. පහරදීමක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අසාධ්‍ය තත්වයෙන් පසු වූ අදාළ පුද්ගලයා මිය ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලීසිය සඳහන් කරන්නේ, පහරදීමට ලක්ව මියගොස් ඇත්තේ ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන බවයි.

මිරිහාන ප්‍රදේශයේ ඇති කල්බදු සමාගමක් වෙත ගොස් ඇති සුනිල් ජයවර්ධන, තම සංගමයේ සාමාජිකයෙකුගේ ත්‍රීරෝද රථයක් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. එහිදී ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් ජුනි 10 දින පස්වරුවේ අදාළ පහරදීම සිදුව ඇති බව පොලීසීය සඳහන් කර සිටියා. පහරදීම සම්බන්ධයෙන් අදාළ ලීසීං සමාගමේ සීසර්වරුන් විසින් සිදුකළ බවට චෝදනා එල්ල වී තිබෙනවා.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකපිට පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ සඳහා යොදවා ඇති බවත් පොලීසිය සඳහන් කළා.

අදාළ සිදුවීම වන ස්ථානයේ බව සැක කෙරෙන වීඩියෝපටයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති අතර එහි දැක්වෙන පුවරුවේ සඳහන් වන්නේ Chanmil Investment Private Limited ලෙසයි. එම ආයතනයේ පිවිසුම තුළ බිම වැටී සිටින පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු වීඩියෝ පටයේ දැක්වෙනවා.

එම වීඩියෝව පහතින්

https://facebook.com/podujanapavura/
http://rivira.lk/advertising/
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top