,
Covid-19

තවත් ආසාදිතයින් 19ක් වාර්තා වේ

(RIVIRA.LK, 2020 ජුනි 27 පස්වරු 04.00ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුනි 27 සෙනසුරාදා පස්වරු 2.55 වන විට 2,033ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ, දිනය තුළ නව ආසාදිතයින් 19ක් වාර්තා වාර්තා වී ඇති අතර ආසාදිතයින් 20ක් සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

දැනට වාර්තා වූ ආසාදිතයින් 19 දෙනාගෙන් බංග්ලාදේශයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් වේ.

ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 1,639කි. සමස්ථ ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 383ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා.

https://facebook.com/podujanapavura/
http://rivira.lk/advertising/
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top