Covid-19

නාවික හමුදාවේ සක්‍රීය ආසාදිතයින් ගණන 68 දක්වා අඩු වෙයි

(RIVIRA.LK, 2020 ජුනි 30 පෙරවරු 09.00ට)

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුනි 30 අඟහරුවාදා පෙරවරු 08.55 වන විට 904ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.

එමෙන්ම, ජුනි 29 වන දිනය තුළ නාවික හමුදාවෙන් ආසාදිතයින් කිසිවෙකු වාර්තා වී නොමැති බව ද වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

මේ අතර තවත් නාවික හමුදා ආසාදිතයින් දස දෙනෙකු සුවය ලබා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.

ඒ අනුව, මේ වන විට සුවය ලබා ඇති මුළු නාවික හමුදා සාමාජිකයින් ගණන 836ක් දක්වා ඉහළ ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා. නාවික හමුදාවේ සක්‍රීය ආසාදිතයින් ගණන‍ 68ක් බව ද සඳහන් වේ.

Rivira FB Group Rivira Youtube
Rivira Ads

Rivira.lk අන්තර්ජාල පුවත්පත.

විමසීම් සහ පුවත් යොමු කිරීම් - rivira@rivira.lk

Copyright © 2019 Rivira.lk

To Top