,
Covid-19

කොරෝනා ආසාදිතයින් ගණන 160 දක්වා පහළට, නාවික හමුදා ආසාදිතයින් 21 දක්වා පහළට

(RIVIRA.LK, 2020 ජුලි 05 පස්වරු 02.00ට)

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ජුලි 05 ඉරිදා පස්වරු 01.30 වන විට 2,074ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ජුලි 05 වන දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් වාර්තා වී නැති අතර ආසාදිතයින් 18 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට වී තිබෙනවා.

ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 1,903කි. සමස්ත ආසාදිතයින් අතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 160ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 38ක් බවද සඳහන් වේ.

මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 91.7%ක් ලෙසත් මරණ අනුපාතය 0.53%ක් ලෙසත් වාර්තා වේ.

වෛරසය ආසාදිත පිරිස අතර නාවික හමුදා සාමාජිකයින් 904 දෙනෙකු සිටින අතර වෙනත් හමුදා සාමාජිකයින් 15ක් ද සිටිනවා. දින කිහිපයක් තුළ නාවික හමුදාවෙන් නව ආසාදිතයින් වාර්තා වී නැත. එසේම නාවික හමුදාවේ ආසාදනයට ලක් වූවන්ගෙන් 883 දෙනෙකු සුවය ලබා තිබෙනවා. තවත් සක්‍රීය ආසාදිතයින් සිටින්නේ 21ක් පමණයි.

මෙතෙක් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් 2,074 වර්ගීකරණය කර ඇත්තේ මෙසේය.

  • විදේශයන් හී සිට පැමිණි විදේශිකයින් – 30
  • විදේශයන් හී සිට පැමිණි ලාංකිකයින් – 783
  • නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් – 948
  • වෙනත් – 313

ඒ අනුව දැනට සිටින සක්‍රීය ආසාදිතයින් 160 අතුරින්,

  • IDH රෝහල – 19
  • වැලිකන්ද මූලික රෝහල – 43
  • මුල්ලේරියාව මූලික රෝහල – 00
  • ඉරණවිල මූලික රෝහල – 08
  • කාත්තන්කුඩි මූලික රෝහල – 39
  • හෝමාගම මූලික රෝහල – 22
  • මිනුවන්ගොඩ මූලික රෝහල – 19
  • හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල – 00
  • තෙල්දෙණිය මූලික රෝහල – 02
  • යුද හමුදා රෝහල පනාගොඩ – 05
  • කඹුරුගමුව දිස්ත්‍රික් මහ රෝහල – 03 ක් ද ප්‍රතිකාර ලබමින් සිටී.

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 112,876ක් වන අතර ජුලි 04 දින පරීක්ෂණ 852ක් කළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරනවා.

http://rivira.lk/advertising/
To Top