(RIVIRA.LK, 2020 ජුලි 10 පෙරවරු 09.29ට)
කන්දකාඩු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් සඳහා ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ්-19 වෛරස ආසාදිතයින් 196 දෙනෙකු හමු වී තිබෙනවා.
මෙය ශ්‍රී ලංකාවේ දිනකදී හමු වූ වැඩිම ආසාදිතයින් ගණන යි.
ජූලි 09 දින පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කළ ජෛව සාම්පලවල තවත් කොටසක ප්‍රතිඵල ජූලි 10 දින ලැබීමත් සමග මෙම ආසාදිතයින් හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව ජූලි 09 හඳුනාගත් 56 දෙනා, මාරවිල කාන්තාව සහ වැලිකඩ ආසාදිතයා සමග කන්දකාඩු කොරෝනා පොකුරෙන් මේ වන විට හමු වී ඇති ආසාදිතයින් ගණන 254කි.

