,
Criminal Records

මියගිය බව කියා අංගොඩ ලොක්කා වෙනම ගේමක? ප්ලාස්ටික සැත්කමක් කරගෙන යුරෝපයට පැන්න බවටත් වාර්තා

Custom Text

(RIVIRA.LK, 2020 ජුලි 23 පස්වරු 12.27)

ශ්‍රී ලංකා පොලීසියේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය මගින් සංවිධානාත්මක අපරාධකාරයෙකු ලෙස හඳුනාගෙන ඇති චන්දන ලසන්ත පෙරේරා හෙවත් ‘අංගොඩ ලොක්කා’ නමින් තමන්ව හඳුන්වා ගන්නා අපරාධකරුවා ඉන්දියාවේදී මරණයට පත්වී ඇතැයි ප්‍රධාන ධාරාවේ ජාතික පුවත්පත් රැසක් සිය ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කර තිබෙනවා.

මීට පාදක වී ඇත්තේ ඒ සම්බන්ධයෙන් වන බුද්ධි තොරතුරක් මෙරට බුද්ධි අංශ වෙත ලැබීමෙන් පසු ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවට ලැබුණු තොරතුරු මතයි.

එලෙස වාර්තාවන තොරතුරුවල සඳහන් වන්නේ විෂ ශරීරගත වීමකින් අදාළ අපරාධකාරයාගේ මරණය සිදුවී ඇති බවයි. එසේම කිසියම් අයකු විසින් ඔහුට වස පානය කිරීමට සළස්වා ඇති බව සඳහන් වන අතර එලෙස වස දී ඇත්තේ මීට පෙර ඝාතනය වූ අපරාධකරුවෙකුගේ බිරිඳක් විසින් බවට ද තොරතුරු ලැබී ඇති බව සඳහන් වේ.

වාර්තාවන තොරතුරුවල සඳහන් වන්නේ අංගොඩ ලොක්කා නමැති අපරාධකරුවා සමග අපරාධ කර පසුව බන්ධනාගාරගත ගත වූ හෝ මියගිය අය හෝ ඝාතනය වූ අපරාධකරුවන්ගේ බිරින්ඳෑවරුන් තම පෙම්වතියන් බවට පත් කරගන්නා අයෙකු බව සඳහන් වී ඇති අතර එලෙස පැමිණ ඉන්දියාවේ දී කාලය ගත කළ පෙම්වතියක විසින් මෙලෙස වස දී ඇතැයි තොරතුරු වාර්තා වී තිබෙනවා.

එසේම ඝාතනය සිදුකළ බව කියන පෙම්වතිය විසින්ම අංගොඩ ලොක්කා නමැත්තාගේ සොයුරියන්ට ඔහු මියගිය බව දැනුම්දී ඇතැයි ද සඳහන් වේ.

සැක කෙරෙන පරිදි අදාළ ඝාතනය සිදු වී ඇත්නම් එය සිදු වී ඇත්තේ ජූලි 3 වැනිදා හෝ ආසන්න දිනක දී බව අපරාධකරුවන්ගේ සමීපතමයින් ලෙස සැළකෙන අය සමග කළ සංවාද හා ඊට අදාළ දිනයන් අනුව සැක කෙරෙන බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් වත්මන් රජය විසින් මත්ද්‍රව්‍ය, පාතාලය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි ඉලක්ක කර සිදුකරගෙන යන මහා පරිමාණ මර්දන ක්‍රියාවලිය හමුවේ සියලු සංවිධානාත්මක අපරාධකරුවන් දැඩි තැති ගැනීමකට ලක්ව ඇති අතර මෙය ද ඉන් බේරීම සඳහා දරන ලද උත්සාහයක් බවට ද ප්‍රබලය සැකයක් මතු වී තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ අදාළ අපරාධකරු විසින් මීට පෙර අවස්ථාවක දී ප්ලාස්ටික් සැත්කමක් සිදුකරගෙන පෙනුම වෙනස් කරගනිමින් යුරෝපට පැන යාමේ සූදානමක් සම්බන්ධයෙන් බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබීමයි.

තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධූෂ් නමැත්තා අත්අඩංගුවට පත්වූ සමයේ අංගොඩ ලොක්කා ද ඩුබායි හී දී අත්අඩංගුවට පත් වූ බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණි.

කෙසේ වෙතත් මෙම අපරාධකරුගේ මරණයක් පිළිබඳ තොරතුරු එකවර මාධ්‍ය වෙත ලැබීම සහ ජූලි 3 හෝ ආසන්න දිනක දී සිදුවූ බව හැඟවෙන ඝාතනයක් පිළිබඳ සියලු තොරතුරු ඊට සති 3කට පමණ පසු එකවර මාධය වෙත ලැබීමත් යන කරුණු සැක මතුවන කරුණු වේ. ශ්‍රී ලංකා ආරක්ෂක අංශවල අවධානය වෙනතකට යොමු කරමින් උපායමාර්ගික පලා යාමකට අංගොඩ ලොක්කා නමැත්තා සූදානම් වන්නේ දැයි යන්න සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල විශේෂ අවධානයක් යොමු විය යුතුය.

http://rivira.lk/advertising/
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top