2024 Presidential ElectionPoliticsTop Stories

Breaking : නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණ සටනට! ධම්මික ඉවතට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට එම පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ.

අගෝස්තු 06 දින පක්ෂයේ ඉහළ නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවක දී ව්‍යාපාරික ධම්මික පෙරේරා ජනාධිපතිවරණ සටනින් ඉවත් වී ඇති බවත්, ඒ අනුව, පක්ෂය විසින් නාමල් රාජපක්ෂ ඒ සඳහා ඉදිරිපත් කළ යුතු බවට ඒකමතික තීරණයක් ගත් බවත් පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග රිවිර.lk වෙත සඳහන් කළා.

38 හැවිරිදි නාමල් රාජපක්ෂ 2024 ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වන බව අගෝස්තු 07 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා. එසේම එම තීරණයත් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට තීරණය කර සිටි මන්ත්‍රීවරුන් 60 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් නැවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීමට නියමිත බව ද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *