ආනයන තවදුරටත් පහළ යෑම සහ පෙර මාසයට සාපේක්ෂව අපනයන අඩු වීම බොහෝදුරට යථා තත්ත්වයට පත්වීම හේතුවෙන් 2019 අගෝස්තු මස වෙළඳ හිඟය අඩු විය. 2019 අගෝස්තු මස ආනයන වියදම පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 16.6 ක අඩුවීමක් වාර්තා කළ අතර ප්‍රධාන අපනයන කාණ්ඩවල මිල ගණන් පහළ යෑම හේතුවෙන් අපනයන ආදායම පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 0.4 කින් සුළු වශයෙන් අඩු විය.
2019 ජූලි මස වාර්තා වූ එ.ජ. ඩොලර් මිලියන 717 ක වෙළඳ හිඟයට සාපේක්ෂව 2019 අගෝස්තු මස වෙළඳ හිඟය එ.ජ. ඩොලර් මිලියන 540 ක් දක්වා අඩු විය.
2019 වසරේ පළමු මාස අට තුළ දී වෙළෙඳ හිඟය 2018 වසරේ අනුරූප කාලපිරිච්ඡේදයේ වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 7,240ට සාපෙක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 4,854ක් දක්වා ඩොලර් මිලියන 2,386 කින් අඩු විය.
මේ අතර අපනයන මිල ගණන්වලට සාපේක්ෂව ආනයනවල මිල නිරූපණය කරන වෙළෙඳ මිල අනුපාතය පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 5.2 කින් වර්ධනය වූ අතර, ඒ සඳහා අපනයන මිල ගනන් පහළ යෑමේ වේගයට වඩා වැඩි වේගයකින් ආනයන මිල ගණන් පහළ යෑම හේතුවිය. කෙසේ වුවද සමුච්ඡිත වශයෙන් සැලකූ විට 2019 වසරේ පළමු මාස අට තුළ දී වෙළෙඳ මිල අනුපාතය 2018 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපෙක්ෂව සියයට 0.1කින් සුළු වශයෙන් අඩුවිය.
වෙළෙඳ හිඟය අඩු වීම සඳහා ප්‍රධාන වශයෙන් දායක වූ අයිතම රූප සටහනින් දැක්වේ.

