දේශපාලන

නොම්මර එකේ ජාතිවාදියා ඇමති චම්පිකයි.. ඔහු ජාතිවාදයේ න්‍යායාචාර්යවරයායි..- නීතීඥ අලි සබ්‍රි

ජනතාව අතර ජාතිවාදය වපුරමින් න්‍යායාත්මකව ජනතාව තුල ජාතිවාදය ඇති කරන්නේ ඇමති චම්පික රණවක බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

මෙරට සිටින නොම්මර එකේ ජාතිවාදී චම්පික රණවක ඇමැතිවරයා බවද ඔහු සඳහන් කළේය.

ඒ මහතා මේ බව කියා සිටියේය කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ද එම මාධ්‍ය හමුවට එක්ව සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ පල්ලි දෙකකට පහර දී තිබුණු නමුත් යහපාලන පාලන යුගයේදී පල්ලි 102 ක ට පහර දී ඇති බවත් ඔහු එහිදී සදහන් කලේය.

ශ්‍රී ලංකාව ඉතියෝපියාවක් කරන්නේද නැතිනම් සිංගප්පූරුවත් කරන්නේද යන්න ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණය කිරීමට අවස්ථාවක් උදා වී ඇතැයිද එහිදී ඔහු කියා සිටියේය.

මේ රට ගොඩනැගිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවකට මිස වෙනත් කිසිදු ආණ්ඩුවට නොවන බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top