හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා පාසල් දූ දරුවන්ට නොමිලේ ලබා දුන් දිවා ආහාරය අහිමි කළ ප්‍රතිවාදීන්, අද දරුවො වඩාගෙන බොරු ආදරයක් පෙන්වමින් ජනවරම ලබා ගැනිමට කටයුතු කරමින් සිටින අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
ප්‍රජාතන්ත්‍රාවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පලකළේ කෑගල්ල දිස්ත්‍රික්කයේ, දැරණියගල නගරයේ පැවැති ජනරැළියට අද (15) දින සහභාගී වෙමිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“රටේ ජනතාව පීඩනයට පත් කරමින් රජ පවුලේ රජදරුවන් රජකළ යුගය නැවත මේ රටට අවශ්‍යද.
තමන් මෙරට ජනාධිපති වූ පසු රජ වන්නේ මෙරට සමස්ත දරු පරපුර සහ ජන පරපුරයි.
ජනාධිපතිවරණවලදී එකිනෙකා පාලනය කරන වහල් අපේක්ෂකයෙකු බවට තමන් පත් වන්නේ නැහැ.
ජනාධිපති වූ පසු තමන්ව පාලනය කරන්නේ, හසුරුවන්නේ වෙන කවුරුත් නොවේ මෙරට මහපොළවේ පයගසා ජිවත් වන පොඩි මිනිසයි.
සෑම උපදිසාපති කොට්ටාශයකම කර්මාන්ත පුරවර ඇති කර තරුණ තරුණියන්ට රැකියා ආවස්ථා උදාකරනවා සේම ඊට සමගාමීව සෑම කොට්ඨාශයකම තාක්ෂණික විශ්ව විද්‍යාල ආරම්භ කර තරුණ තරුණියන්ට නොමිලේ අධ්‍යාපන ශක්තිය ලබා දී තාක්ෂණයේ පෙරගමන්කරු බවට අපේ රට පත්කරනවා.
ත්‍රස්තවාදය සහ රටම වෙලා ගත් කඩු ජාවාරම මෙරටින් තුරන් කිරීම සඳහා රටේ සිටින නියම රණවිරුවකු වන සරත් ෆොන්සේකාමහතාව පත්කර රට ආරක්ෂා කිරීමට කටයුතු කරනවා.”
“සමෘද්ධිසහනය”තවදුරටත් ශක්තිමත් කර ඉදිරියට ගෙන යන ගමන් දුගී දුප්පත් ජනතාවට ශක්තිය ලබා දීම වෙනුවෙන්“ජනසවිය”වැඩසටහන නැවත තමන් ආරම්භ කරන බවද පැවසීය.
මෙමජන හමුවට වී රාධා ක්‍රිස්ණන්, කබිර් හෂීම් යන අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන සජිත් සංජය, තුසිතා විජයමාන්න යන මැති ඇමතිවරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

