ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය ඡන්ද ප්‍රමාණය මේ වන විටත් ආයරණය කර අවසන් යයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහු සඳහන් කරන්නේ මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද ලක්ෂ 72ක සීමාවක පවතින බව තම අදහස බවයි.
‘හිරු’ රූපවාහිනියේ පැවති ‘සලකුණ’ වැඩසටහන සමග එක්වෙමින් ඔහු සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් සිය පුරෝකතනය ඉදිරිපත් කලේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු වීම සහ අමතරව ලැබෙන තවත් වාසි පිළිබඳව හිටපු ඇමතිවරයා පැහැදිලි කලේ මෙසේය.
එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයා ලක්‍ෂ 60ක ඡන්ද සීමාව ඉක්වන්නේ කෙසේදැයි මෙතෙක් නිවැරදි අදහස් ඉදිරිපත්ව නැති බවත් ඔහු එහිදී පැවසීය.
සම්පූර්ණ වැඩසටහන මෙතනින්

