දේශපාලන

ජාතික ජන බලවේගයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය එළිදක්වයි

වර්තමාන දේශපාලන වේදිකාවේ ඇත්තේ ජනතාවගේ සැබෑ ගැටළු සාකච්ඡා කරන ක්‍රමවේදයක් නොව දේශපාලනය විසින් නිර්මාණය කරන ලද ගැටළු පමණක් සාකච්ඡා කරන ක්‍රමවේදයක් බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජාතික ජන බලවේගයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට අද(15) පෙරවරුවේ එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය එළිදැක්වීම ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේදී සිදුකෙරුණි.

මෙහිදී අදහස් දැක්වු අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ, අපේ ජාතිය සුවපත් කිරීම සඳහා අවශ්‍ය වන සෞඛ්‍ය වැඩපිළිවෙල හා ප්‍රතිපත්තිය ඉදිරිපත් කර ඇති බවයි.

දේශපාලන සංවාදය එතැනට ගෙන ආ යුතු බවත් පැවසු ඒ මහතා, අද අපේ රටේ දේශපාලන සංවාද ඇත්තේ “තොණ්ඩමන් සහය දුන්නේ කාටද?“ වැනි කාරණා මත බවද කියා සිටියේය.

ජනතාවට එවැනි දේ වැදගත් නොවන බවත් පැවසු අනුර කුමාර මහතා, එවන් දේ ජනතා ප්‍රශ්න නොවන බවත් පැවසීය.

දේශපාලන කරලියේ ඇත්තේ ජනතා ප්‍රශ්න නොව දේශපාලඥයින් විසින් නිර්මාණය කර ගත් වේදිකාවක් පමණක් බවත් පැවසු අනුර කුමාර මහතා, අභියෝගය වන්නේ ජනතාවගේ ජන ජිවිතය සමඟ සම්බන්ධ වන්නේ කෙසේ ද යන්න පිළිබඳ කථා කිරීම බවද සඳහන් කළේය.

එනිසාම විශේෂ කේෂ්ත්‍ර 8ක ප්‍රතිපත්ති ප්‍රකාශන වෙන වෙනම එළිදැක්වීමට කටයුතු කරන බවද දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

Rivira FB Group Rivira Youtube
To Top