දේශපාලන

ජනපති මෛත්‍රී නිදහස් පක්ෂය නැවත කුමන්ත්‍රණකරුවන්ට පාවා දී ඇති බව චන්ද්‍රිකා කියයි

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය නිවේදනයක් නිකුත් කර ඇත.

එහිදී ඡන්ද හැට දෙලක්ෂයකින් බලයට පත්වූ නායකයා වන ජනපති මෛත්‍රීපාල සිරිසේන තම පෞද්ගලික අවශ්‍යතා සඳහා අද වන විට පක්ෂය නැවත කුමන්ත්‍රණකරුවන්ට පාවා දී ඇති බව එතුමිය විසින් චෝදනා කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වීමට ගත් තීරණයට එම පක්ෂයේ ආසන සංවිධායකවරුන් 95%කගේ විරෝධය එල්ල වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top