,
News

මුහුදු මහා විහාර භූමියේ ඉදිකිරීම් අත්හිටුවීමේ නියෝගය අධිකරණය දීර්ඝ කරයි

පොතුවිල් මුහුදු මහා විහාරයේ භුමිය තුල සිදුකරන අනවසර ඉදිකිරිම් අත්හිටුවන ලෙසට පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණය මගින්  ලබා දී තිබු වාරණ නියෝගය යලිත් මෙම මස 30 වෙනි දින දක්වා දීර්ඝ කර තිබේ.

ඊට අදාල නඩුව අද (16) අධිකරණය හමහුවේ කැඳවු අතර එම අවස්ථාවේ දී පොතුවිල් මහේස්ත්‍රාත් එම්.එච්.මොහමඩ් මහතා විසින් මෙම නියෝගයක් නිකුත් කරනු ලැබිය.

මුහුදු මහාවිහාරය ඉඩම් පිලිබදව 1965 වසරේ නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් අනුව මුහුදු මහා විහාරයේ පුරාවිද්‍යා රක්ෂිතයට අක්කර තිහක භුමි භාගයක් ‍වෙන්කර තිබෙන් බවත් පසු කාලයේදි මෙම ඉඩම් තුල විවිධ පුද්ගලයින් විසින් ප්‍රකාශන ඔප්පු සකස් මෙම ඉඩම සංවර්ධනය කර තිබෙන මෙයට අමතරව තවත් ඉඩම් කට්ටි 41 කට ඔප්පු ලබාදි තිබෙන බවත් මෙහිදි පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට කරුනු දැක්වු අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි අතුල මාරපන මහතා කරුණු දක්වා ඇත.

පුරාවිද්‍යා ආඥ පනත යටතේ එම ඉඩම් කිසිවක් බෙදීමට නොහැකි බවත් නමුත් ප්‍රාදේශිය ලේකම්වරුන් විසින් පුරාවිද්‍යා දෙපාර්මේන්තුවේ විමසිමක් නොකර මෙම ඔප්පු ලබාදිම සිදුකර තිබෙන බවද ඒ මහතා පවසා ඇත.

ඉදිරියේදි මෙම ඉඩම් මැනීම් කටයුතු සිදුකිරිමට කටයුතු කරන අතර එතෙක් මෙම ඉඩමට ලබා දී තිබෙන තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙසට පොලිස් අධිකාරිවරයා ගරු අධිකරණයෙන් ඉල්ලිමක් කර තිබේ.

මෙම ඉඩම් සම්බන්ධව සිතියම් දෙකක් පවතින බවත් ඒ අනුව මේ සම්බන්ධයෙන් නිතිපතිතුමාගෙන් විමසිමක් කළ විට 1965 වසරේ නිකුත් කරන ලද ගැසට් නිවේදනය අනුව කටයුතු කරන ලෙසට නීතිපතිවරයා උපදෙස් දුන් බව පැවසු බව පුරාවිද්‍යා දෙපාර්මේන්තුවේ වෙනුවෙන් නීතිඥ රෝහණ කාරියවසම් මහතා පවසා ඇත.

පුරාවිද්‍යා දෙපාර්මේන්තුවේ නිතිඥයින් අධිකරණයට කරැණු දැක්විමෙන්  පසුව මෙම මස 30 වෙනි දින දක්වා වාරණ නියෝගය දීර්ඝ කර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. 

Rivira Ads
To Top