,

නුවර එළියෙන් සජිත්ව වැඩි ඡන්ද ලක්ෂ දෙකහමාරකින් පරද්දනවා – තොන්ඩමන්

ජනාධිපතිවරණයේදි නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක අන්ත පරාජයක් ලබන බව ලංකා කම්කරු කොන්ග්‍රසය අද (15) හැටන් නගරයේ මාධ්‍යය හමුවක් පවත්වමින් පැවසිය.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපතිවරුන් වන කනපති කනගරාජ් මහතා සහ පි.සත්‍යවේල් යන මහතුන් මාධ්‍යය හමුව කැදවමින් වැඩි දුරටත් කියා සිටියේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකයන්  , ලංකා කම්කරු කොන්ගස්‍රයේ සමාජිකයින් සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයන් එක් ව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගොඨාභය රාජපක්ෂ මහතාට වැඩි ඡන්ද දෙලක්ෂ පනස් දහසකින් දිනවිමට කටයුතු කරන බවයි.

එක්සත් ජාතික පක්ෂ රජය වතුකරයේ ජනතාව මුලා කල බවත්, වතු කම්කරුවන්ට ලබාදෙන බවට පොරොන්දු වු රු පනහක වැටුප ලබා නොදුන් බවත්,  තම පක්ෂයේ නායක ආරුමුගන් තොණ්ඩමන් මහතා ඉන්දියානු රජය සමග සාකච්ඡා කර ලබා ගත් නිවාස යෝජනා ක්‍රමය පමණක් වතුකරයේ ජනතාව වෙනුවෙන් ලබා දි ඇති බවයි.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ විසින් ඉදිරිපත්කල ඉල්ලිම් 32 කට නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයන් දෙදෙනාම එකගතාවය පල කලත්, වතුකරයේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාව ඉල්ලු නිසා තම පක්ෂයේ විධායක සභාව ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේදි සහයෝගය දැක් විමට එකමතිකව තිරණය කල බවයි මාධ්‍යය හමුවේ කරුණු දක්වමින් ලංකා කම්කරු කොන්ගස්‍රයේ ජෙෂ්ඨ උප සභාපතිවරුන් වන කනපති කනගරාජ්  , පි.සත්‍යවේල් මහතුන් කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

Rivira Ads

One thought on “නුවර එළියෙන් සජිත්ව වැඩි ඡන්ද ලක්ෂ දෙකහමාරකින් පරද්දනවා – තොන්ඩමන්

  • November 8, 2019 at 8:04 am
    Permalink

    Super ha sonniga thalaiva vetry namadhe

Comments are closed.