,
Politics

මුතු ඇටේ රාජපක්ෂලාගේ කාලේ රාජපක්ෂ ඇටේ උනා – ෆොන්සේකා කුණු හරුප පට්ටා ගසයි

ඒ කාලේ ඉන්දියන් සාගරේ මුතු ඇටය නමින් හඳුන්වපු රට රාජපක්ෂ සමයේ “රාජපක්ෂ ඇටය” වූ බව ෆිල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා පවසනවා. යාපහුව නගරයේ එජාප රැළියක් අමතමින් ෆොන්සේකා මහතා මේ බව ප්‍රකාශ කළා.

“ඒ කාලේ ඉන්දියන් සාගරේ මුතු ඇටය නමින් හඳුන්වපු රට රාජපක්ෂගේ කාලේ රාජපක්ෂ ඇටය උනා. නෑ නෑ මං කිව්වේ රාජපක්ෂගේ ඇටය කියලා නෙමෙයි, මේ හිනාව එන්නේ රාජපක්ෂගේ ඇටය කිව්වා කියලා හිතාගෙන” යැයිද ෆොන්සේකා මහතා ප්‍රකාශ කළා.

“දැන් බලන්න මුං බැඳුම්කරයක් අල්ලං, අවුරුදු 4ම ඒක අල්ලගෙන. මුංට අල්ලගන්න තියෙන්නෙ ඒක විතරයි. ඒක උඩ දානවා, බිම දානවා, තෙලේ බදිනවා, ඔච්චරයි.” යැයිද පැවසූ ඔහු තවදුරටත් ප්‍රකාශ කලේ “ඒ කාලේ ගෙනාවා බලු නකුටෙක්, ඌ මෙයාගේ මූණ දැකලා උපවාස කරලා මලා.” බවයි.‍

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දේශපාලන විශ්ලේශකයින් පැවසූවේ සරත් ෆොන්සේකා මහතා සතුව හමුදා නිලධාරියෙකුගේ විනය තබා පුරවැසියෙකු සතු විනයවත් නොමැති බවයි.

Rivira Ads
To Top