,
Politics

ගෝඨා 57%යි, සජිත්ට 37%යි – බුද්ධි අංශ වාර්තා ජනපති අතේ

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන බුද්ධි අංශ වාර්තාව ජනාධිපතිවරයා වෙත දැනට දවස් දෙකකට පෙර භාරදී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

එම වාර්තාව අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට 57%ක් ලැබෙන බව වාර්තා කර ඇති අතර සජිත් ප්‍රේමදාස මහතාට 37%ක් හා අනුර දිසානායක මහතාට 5% ඇති බව වාර්තා කර ඇතැයි මන්ත‍්‍රීවරයා පැවසීය.

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා 60%ක ප්‍රතිශතය ඉක්මවන බවද වීරවංශ මහතා තවදුරටත් කීය.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනහමුවක් අමතමිනි.

Rivira Ads
To Top