දේශීය පුවත්

හොර පාස්පෝට්වලින් ආ සිරියානු පවුලක් ගුවන්තොටෙන් හරවා යවයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ගුවන් ගමන් බලපත්‍ර ව්‍යාජ ලෙස භාවිත කරමින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ කළ සිරියානු ජාතිකයින් බවට හඳුනාගත් පවුලක් අද (20) අත්අඩංගුවට ගෙන ඔවුන් මෙරටට පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටත් කර යැවූ බව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු පවසති.

එම පවුලේ වැඩිමහල් පුද්ගලයා 29 හැවිරිදි දන්ත වෛද්‍යවරයෙක් වන අතර ඔහුගේ බිරිඳ 28 හැවිරිදි වියේ පසුවන්නීය. ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ආගමන කවුළුව වෙත පැමිණි ඔවුන්, තමන් ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි බව ප්‍රකාශ කර තිබේ.

එහිදී ඔවුන් ඉදිරිපත් කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ගුවන් ගමන් බලපත්‍ර පිළිබඳව සැක සිතී ඔවුන් සමඟ එම ලියකියවිලි ද ගුවන් තොටුපළ ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා වෙත යොමු කර තිබේ.

තවදුරටත් මේ පිළිබඳව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් අතරතුර ඔවුන් රැගෙන විත් තිබූ ගමන් මලු පරීක්ෂා කර බැලීමේ දී, ඒවා තුළ ඔවුන්ගේ සැබෑ සිරියානු ගුවන් ගමන් බලපත්‍ර තුන තිබී හමු වී ඇත. 

ව්‍යාජ බලපත්‍රවලින් මෙරටට ඇතුළු වීමට දැරූ උත්සාහය පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදුකිරීමට ප්‍රථමයෙන් නැවත යරවා යැවීම පිළිබඳ ගුවන් තොටුපළ සේවකයින් සිය නොසතුට ප්‍රකාශ කර තිබේ.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top