දේශීය පුවත්

රෝයල් පාක් මිනී මැරුමට වරදකරු වූ තරුණයාට ජනාධිපති සමාව දෙන්න යයි

ධූර කාලය අවසන් වීමට පෙර රෝයල් පාක් මිනී මැරුමට වරදකරු වූ පුද්ගලයාට ජනාධිපති සමාව දීම සම්බන්ධයෙන් තම අවධානය යොමුව ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (20) පැවැසීය.

ඔහු මේ බව පැවැසුවේ කොළඹ හිල්ටන් හෝටලයේදී අද පස්වරුවේ පැවැති ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ දී තරුණයින්ගේ ගැටළුවලට පිළිතුරු දෙමිනි.

“රෝයල් පාක් සිද්ධියේ විත්තිකරුට ජනාධිපති සමාව දීමට සලකා බලාගෙන යනවා. ඔහු ඒ වරද කළේ වයස 19 දී. දැන් ඔහුගේ වයස 32 ක්. ඔහු මේ වන විට ආචාර්ය උපාධියකුත් සම්පූර්ණ කරලා තියෙනවා.” යැයි ජනාධිපතිවරයා පැවසීය.

සිදුවීම සම්බන්ධයෙන් නඩු විභාගය පවතින කාලය තුළ ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වූ ජූඞ් ශ‍්‍රමන්ත ඇන්තනි ජයමහ නැමැති පුද්ගලයා පිළිබඳ සමාජය තුළද යම් අනුකම්පාවක් ඇති වී තිබුණි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top