ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ ග්‍රාමීය මට්ටමේ රැළි මාලාවේ තවත් එක් රැළියක් හක්මණ ආසනය කේන්ද්‍ර කරගනිමින් මුලටියන නගරයේදී පැවැත්විණ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හක්මණ ආසනයේ ප්‍රධාන සංවිධායක සරත් ද අල්විස් මහතාගේ සංවිධායකත්වයෙන් පැවැත්වූ එම රැළියට අති විශාල ජන සහභාගීත්වය තිබූ බව අපගේ ප්‍රාදේශීය වාර්තා කරුවන් සඳහන් කර සිටියා.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරේ තමන් රැළියට පැමිණෙන අතරතුර මුණ ගැසුණු ජනතාවද තමන්ගෙන් ඉල්ලා සිටියේ සුරක්ෂිත රටක් නැවත ලබාදෙන්න යන ඉල්ලීම බවයි. තම පාලනයක් තුළ ජාතික ආරක්ෂාව 100% තහවුරු කෙරෙන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

