දේශීය පුවත්

ලසන්තගේ දියණිය ගෝඨාභයට එරෙහිව පැවරූ නඩුව ඇමරිකානු අධිකරණයෙන් ඉවත දමයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් අමෙරිකානු අධිකරණයක ගොනු කළ චෝදනාව එම අධිකරණ විසින් නිෂ්ප්‍රභා කර තිබේ. 

අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාහි දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරුවරයෙකු විසින් මෙම නඩුව නිෂ්ප්‍රභ කර ඇති බව වාර්තා වෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අප්‍රේල් මස 04 වනදා ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වෙනුවෙන් යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සහ රාජපක්ෂ පාලනය විවේචනය කළ මාධ්‍යවේදීන් ක්‍රමානුකූලව වධ හිංසාවට ලක්කිරීම යන චෝදනා මෙහිදී ගොනු කර තිබිණි.

කෙසේවෙතත් මෙම චෝදනා සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකාවේ සිට දිවයිනට පැමිණි අවස්ථාවේදී ප්‍රකාශ කළේ මෙම නඩු පැවරීම දේශපාලන අවශ්‍යතා මත සිදුවූවක් බවයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top