දේශීය පුවත්

ජනපති මෛත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයේ දිවුරුම් දෙන්න සූදානම්?

‍‍ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දීමට සූදානම් වන බව “රිවිර”ට වාර්තා වේ.‍

ඒ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමකදී වාර්තා වූයේ මුලින් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ඉවත් ව අවස්ථාව ලබා දීමට තීරණය කර තිබුණද පසුව ඩිලාන් පෙරේරා මහතා එම අවස්ථාව ලබාදීමට ඉදිරිපත් වී ඇති බවයි. ඒ අනුව ඩිලාන් පෙරේරා මහතා නොවැම්බර් 16 වන දිනට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉවත්වීමට නියමිත අතර ඉවත් වීමෙන් හිස්වන අසුන වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුට ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස නොවැම්බර් 17 හෝ 18 දින පත් වීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ජනාධිපතිවරණ දිනයට පෙර ඌව පළාත් ආණ්ඩුකාරධූරයට පත් කිරීමටද නියමිත අතර වත්මන් ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාට ඉල්ලා අස්වීම බාරදෙන ලෙස ජනාධිපති කාර්යාලයෙන් දන්වා ඇතැයිද වාර්තා වේ.

-නිශ්ශංක පලිහවඩන(රිවිර.lk)

Rivira FB Group Rivira Youtube
To Top