ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය “අපේක්ෂාවේ උදානය” නමින් ජනගත කිරීම අද (26) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේදී සිදුකෙරුණි.
විවිධ ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ප්‍රතිපත්ති හා සැලසුම් මාලාවක් පසුගිය දින කිහිපය පුරා දිවයිනේ විවිධ ප්‍රදේශවලදී එළිදැක්වුණු අතර එම සියලු ප්‍රකාශයන් එක්කොට සමස්ත ප්‍රතිපත්ති ප්‍රකාශය මෙලෙස “අපේක්ෂාවේ උදානය” නමින් ජන ගතකළේය.
මේ අවස්ථාවට මහාසංඝරත්නය,ජාතික ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායක මෙන්ම විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් විද්වතුන්,කලාකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ආර්ථික, සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහනය, සංස්කෘතිය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ සිය ප්‍රතිපත්ති හා සැලසුම් මාලාවක් එළිදැක්වුණු අතර “අපේක්ෂාවේ උදානය” ලෙස නම්කර ඇති මෙය ඒ සියලු ප්‍රකාශයන්ගේ එකතුවයි.
එම අවස්ථාව සහ ප්‍රතිපත්ති ප්‍රකාශ කියැවීමට පහත දිගුව භාවිතා කරන්න.

