විදේශ

ලෝකයම හෙල්ලූ ISIS නායකයා මියගිය බව ට්‍රම්ප් නිල වශයෙන් නිවේදනය කරයි

ISIS සංවිධානයේ නායක අබු බකර් අල් බග්ඩාඩි මියගිය බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් කරමින් මීට ස්වල්ප වේලාවකට පෙර තහවුරු කළේය.

ISIS නායකයා ඉලක්ක කර කරන ලද මෙහෙයුමට රුසියාව, සිරියාව, තුර්කිය සහ ඉරාකය සිය සහාය ලබාදුන් බවත් ඒ රටවලට තම ස්තූතිය හිමිවන බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

‘බැග්ඩාඩි බල්ලකු සේ මියගිය’ බව කියූ ඇමරිකානු ජනාධිපතිවරයා ISIS නායකයා මියගියේ ඔහුගේ මරාගෙන මැරෙන බෝම්බ කට්ටලය පුපුරුවා ගනිමින් බවද සඳහන් කළා. ‍

මිය ගියේ ISIS නායකයාම බව ඩීඑන්ඒ විශ්ලේෂණයකින් තහවුරු වූ බවද ඔහු ප්‍රකාශ කළා.

ISIS නායකයා කොටුකළ සම්පූර්ණ මෙහෙයුම පිළිබඳ වාර්තාවක් ගෙන ඒමට රිවිර.lk බලාපොරොත්තුවෙන් සිටී.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top