දේශපාලන

සජිත්ගේ විවාද ආරාධනාව නාමල් රාජපක්ෂ බාර ගනී

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ පවුලේ සියළු දෙනාට විවාදයක් සඳහා ආරාධනා කරනු ලැබීය. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් සඳහන් කළේ සජිත් ප්‍රේමදාස මහතා කිසිඳු දැක්මක් ප්‍රතිපත්තියක් නැති නායකයෙකු බැවින් විවාද කිරීම පළක් නොවන බවයි.

එහෙත් රාජපක්ෂ පවුල නියෝජනය කරමින් එම අභියෝගය බාර ගැනීම තමන් සූදානම් බව රාජපක්ෂ පවුලේ ලාබාතම දේශපාලනඥයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා දන්වා තිබෙනවා. මේ බව අද පා.ම. කනක හේරත් මහතා විසින් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

ඒ අනුව ඕනෑම රූපවාහිනී නාලිකාවක පවත්වන විවාදයකට රාජපක්ෂ පවුල නියෝජනය කරමින් තමන් සහභාගී වන බවත් සජිත් ප්‍රේමදාස මහතාට, එතුමාගේ ආර්යාවට සහ පවුලේ සියළු දෙනාටම තමන් සමග විවාදයට පැමිණිය හැකි බවත් නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බව ඔහු දැනුම් දුන්නා.

නමුත් මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා හෝ ඔහුගේ පාර්ශවයෙන් පිළිතුරක් ලබා දී නැත.

Rivira FB Group Rivira Youtube
To Top