රසරැස

මහින්දට අලුත් පදවියක්

හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට අලුත් පදවියක් හිමිව තිබෙනවා. පුද්ගලයෙක් ලැබීමට අපේක්ෂා කරන ඉහළම පදවියක් එලෙස ඔහුට ලබා දී ඇත්තේ ඔහුගේම බාල පුතනුවන් වන රෝහිත රාජපක්ෂ මහතා විසින්.

ඒ අනුව රෝහිත රාජපක්ෂ සහ ටට්යානා රාජපක්ෂ පවුලේ තුන්වැනි සාමාජිකයා ලෙසින් ඔවුන්ගේ පළමු දරුවා බිහිකර තිබෙනවා.

‍‍කොළඹ පෞද්ගලික රෝහලකදී ටට්යානා රාජපක්ෂ පුතෙකුට ජීවය ලබා දී තිබෙන බවයි වාර්තා වන්නේ. මව සහ දරුවා සුවෙන් සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරා.

ඒ පුවත දැනගත් විගසම කවදත් දරුවන්ට ආදරය කරන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එම ස්ථානයට ගොස් තම මුණුබුරාව දෑතට ගෙන තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top