නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මීට සුළු මොහොතකට පෙර මහනුවරදී එළිදැක්විණි.
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය “ සජිත් සමාජ විප්ලවය“ ලෙස නම් කර තිබේ. මේ වන විටත් එම උත්සවය මහනුවර ක්වින්ස් හෝටලයේ දී පැවැත්වේ.
පළමුව සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මල්වතු මහා නායක හිමියන්ට පිළිගැන්විය. අනතුරුව අස්ගිරි මහනාහිමියන්ටද පිළිගන්විණි.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරු, සෙසු පක්ෂ නියෝජනය කරන මැති ඇමතිවරු සමඟ විශාල පිරිසක් එක්ව සිටියේය.
සම්පූර්ණ ප්‍රකාශනය පහතින් කියවන්න. (රූපය මත ක්ලික්/ටච් කර යටින් එන මෙනුවේ පහළට සළකුණ ක්ලික් කිරීමෙන් ඊළඟ පිටුවට යා හැක)

