,
Politics

කළුතර දිස්ත්‍රික්කය වැඩි ඡන්ද ලක්ෂ දෙකහමාරකින් ගෝඨාභයව දිනවනවා – රෝහිත

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට කළුතර දිස්ත්‍රික්කයෙන් වැඩි ඡන්ද ලක්ෂ දෙකහමාරකින් දිනවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

බුලත්සිංහල දී පැවැත්වෙන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනතා රැළියක් අමතමින් ඔහු ඒ බව ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ මහතා ප්‍රථම වරට 2005දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ සිට 2015 දක්වා කළුතර දිස්ත්‍රික්කය මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉතිහාසගත ජයග්‍රහණයක් කළුතරින් ලබාදෙන බවත් ඔහු ප්‍රකාශ කළා.

Rivira Ads
To Top