,
Politics

දෙමළ ජාතික සන්ධානයම සජිත්ට, නිල නිවේදනය ළඟදීම – සම්බන්ධන්

‍දෙමළ ජාතික සන්ධානයේ සහය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට තීරණය කර ඇති බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා ප්‍රකාශ කළේය.

ඊට අදාළ නිල නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළා. සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවීමෙන් උතුරේ ගැටළු විසඳාගත හැකි බව තම කණ්ඩායමේ තීරණය වූ බැවින් අදාළ තීරණය ගත් බවද ඊට කොන්දේසි නොදැමූ බවද ඔහු ප්‍රකාශ කළේය.‍

ITAK සහයද සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන බව මේ වන විටත් (03) නිවේදනය කර තිබේ.

Rivira Ads
To Top