එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කළ යුතු බවට එජාපය තුළ ගෙන ගිය සටනේ ප්‍රධාන සටන් කරුවා වූයේ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ය.
නමුත් වෙනදා එජාප වේදිකාවේ ප්‍රබල හා ප්‍රධාන කතිකයෙකු වූ හරීන් ප්‍රනාන්දු මෙවර ජනාධිපතිවරණ වේදිකාවේ දකින්නට නොලැබෙන තත්වයක් උදා වී තිබේ. ඔහුගේ පියා මිය යාම ඊට හේතුව බව මුලදී සිතුවද පසුව එජාප ආංරංචි මාර්ග පවසා සිටියේ ඔහු කලකිරී සිටින බවයි.
එයට හේතුව වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය තමන් බලාපොරොත්තු වන බව හරීන් ප්‍රනාන්දු මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාට දන්වා තිබුණද සජිත් ප්‍රේමදාස මෙතෙක් ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති වීමයි. ඒ සමගම වෙනත් අය සමග හරීන් කළ ඉල්ලීම ඉටු කළ නොහැකි බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබීම ද හරීන් ප්‍රනාන්දු මහතාගේ කලකිරීමට හේතු වී තිබෙනවා.
මහමැතිවරණය අවසන් වන තෙක් පක්ෂයේ තනතුරු කිසිවක් සම්බන්ධයෙන් තමන් කිසිම තීරණයක් නොගන්නා බවත් එවැනි යෝජනාවක් ඉදිරිපත් කළද පක්ෂ කෘත්‍යාධීකාරි මණ්ඩලයෙන් ඊට අනුමැතිය හිමි නොවන බවත් සජිත් ප්‍රේමදාස මහතා හරීන්ට දන්වා ඇතැයිද මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට අප සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයෙන් සහ හරීන් ප්‍රනාන්දු මහතාගේ පාර්ශවයෙන් අයෙකු නිල වශයෙන් සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සාහයන් ව්‍යාර්ථ විය.

