ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කෙරෙන ජන රැලි මාලාවේ අවසන් දිනයේ එක් රැලියක් මාතර නගර මධ්‍යයේදී විශාල ජන සහභාගීත්වයකින් සිදු විය.
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැලිය පැවැත්විණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් නායක ඩලස් අලහප්පෙරුම, පූජ්‍ය අතුරලියේ රතන හිමි, විමල් වීරවංශ, මහින්ද යාපා අබේවර්ධන, ඩීව් ගුණසේකර, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, කාංචන විජේසේකර, නිරෝෂන් ප්‍රේමරත්න හා විජේදාස රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ඊට සහභාගී වී සිටියා.

