News

Breaking News රතන හිමියන් ගෝඨාභයගෙන් ඉවත් වූ බවට ව්‍යාජ ලිපියක්

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමෙන් ඉවත් වූ බව කියන ලිපියක් අද සමාජ මාධ්‍ය වෙත යම් කණ්ඩායමක් විසින් මුදා හැර තිබුණා. ඒ උන්වහන්සේගේ ලිපි ශිර්ෂයක්ද භාවිතා කරමින්.

නමුත් මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමකදී වාර්තා වූයේ අදාළ ලිපිය ව්‍යාජව සකස් කරන ලද ලිපියක් බවයි. ඒ බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් තහවුරු කරමින් කියා සිටියේ තමන් වහන්සේගේ සහය පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණක් බවත් අදාළ කූඨ ලේඛණය සකස් කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීතිඥවරුන්ට උපදෙස් ලබා දී ඇති බවත්ය.

උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ පරාජයෙන් වියරු වැටී සිටින ඇතැම් පිරිස් ගෙන යන මෙවැනි උත්සාහයන් ජනතාව තේරුම්ගෙන ඇති බවත් ඊට 16 වැනිදා ඔවුන් විසින් පිළිතුරු ලබාදෙන බවත්ය. මේ සම්බන්ධයෙන් ඉක්මණින්ම රහස් පොලීසියට පැමිණිලි කිරීමටත් ක්‍රියා කරන බව උන්වහන්සේ සඳහන් කළේය.

Rivira FB Group Rivira Youtube
To Top