ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ විශිෂ්ට ජයක් ලබන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ පළාත් නවයෙන් පළාත් 7 ක ජයග‍්‍රහණය ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට හිමි වන බවයි.
ආසන 120 කට වැඩි සංඛ්‍යාවක් ජය ගැනීමේ හැකියාව ද මේ වන විට ලැබී ඇති බවයි කොළඹ නෙළුම් මාවතේ අද පැවති මාධ්‍ය හමුවකදී බැසිල් රාජපක්ෂ පැවසුවේ.
ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ අමෙරිකානු පුරවැසිභාවය සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් මෙහිදී බැසිල් රාජපක්ෂගෙන් ප‍්‍රශ්න කළා. ඒ සම්බන්ධයෙන් කිසිවෙකු කිසිම ආකාරය සැකයක් තබා ගත යුතු නැති බවත් මැතිවරණ කොමිසම ඊට අදාළ සියලු ලේඛණ පිළිගෙන ඇති බවත් ප්‍රකාශ කළා.
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ මඩවලින් තොර ප‍්‍රතිපත්තිගරුක ප‍්‍රචාරක වැඩපිළිවෙලක් දියත් කිරීමට ද හැකි වූ බවයි.

