දේශපාලන

මැතිවරණ නීති නොතකමින් ප්‍රචාරණයේ යෙදෙන අපේක්ෂකයින් හා ප්‍රසිද්ධ අය ගැන හෙළිදරව්වක්

ශ්‍රී ලංකාවේ මැතිවරණ නීතියට අනුව මැතිවරණ දිනයට පෙර දින දෙක ප්‍රචාරණ කටයුතු වල නිරතවීම සීමා කර ඇත. නියමිත කාර්යාල කිහිපයක් හා පෙරදින පුවත් වාර්තා කිරීමට මාධ්‍යයට ලබා දී ඇති ඉඩ හැරුණුකොට අන් සියළු ආකාරයේ ප්‍රචාරක කටයුතු ඒ අනුව නිදහස් හා සාධාරණ මැතිවරණයකට බාධා කරන සිදුවීම් ලෙස හඳුනාගනී.

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මැතිවරණ ප්‍රචාරක කටයුතු නිරීක්ෂණය කරන නිදහස් මැතිවරණයක් සඳහා වූ තරුණ ව්‍යාපාරය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ සමාජ ජාල හා වෙබ් අඩවි තුළ තවමත් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුවන බවයි. ඒවා කිහිපයක් අප වෙත ලැබී තිබෙන අතර මැතිවරණ නීතියට ගරු කිරීමක් ලෙස අදාළ ඒවායේ ඇතුළත් තොරතුරු අපැහැදිලි ලෙස පළ කිරීමට අප කටයුතු කර ඇත.

ප්‍රධාන අපේක්ෂකයින් වන සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ නිල ෆේස්බුක් පිටු ඊයේ මධ්‍යම රාත්‍රී 12න් පසුවද ක්‍රියාකාරී මට්ටමේ පවතී. නමුත් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පිටුව ඊයේ රාත්‍රී 12න් පසු යාවත්කාලීන කර නැති වීමද විශේෂත්වයකි.

Rivira FB Group Rivira Youtube
To Top