යාවත්කාලීන කිරීම – (2019.11.15 රාත්‍රී 9.30)
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් කරුණු ඇතුළත් පහත ලිපිය ව්‍යාජ ලිපියක් බව අප කළ විමසීමකට පිළිතුරු දෙමින් ඇමරිකානු නීති දෙපාර්තමේන්තුව කියා සිටියා. ඔවුන් පැවසුවේ ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කොළඹ තානාපති කාර්යාලයට උපදෙස් ලබාදීමට කටයුතු කරන බවයි. මේ අතර සමාජ මාධ්‍ය වෙත මුදා හැරුණු වීඩියෝ පටයද ව්‍යාජ වීඩියෝ පටයක් බව ඇමරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කර සිටියා. ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට දේශීය බලධාරීන් සමග සම්බන්ධ වී කටයුතු කරන බවද ඔවුන් ප්‍රකාශ කරා.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කරුණු ඇතුළත් බව කියන ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂ යටතේ ඇති ලිපියක් සමාජ මාධ්‍ය වෙත යම් කණ්ඩායමක් විසින් මුදා හැර ඇති බවත් අදාළ ලිපිය ව්‍යාජ ලිපියක් බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු මාධ්‍ය ප්‍රකාශක මිලින්ද රාජපක්ෂ මහතා පවසයි.
අදාළ ලිපියේ සඳහන් වන දිනය වන 11 වැනි දින ඇමරිකාවේ නිවාඩු දිනයක් (කෘතහස්තයින්ගේ දිනය) බව සඳහන් කරන මිලින්ද රාජපක්ෂ මහතා පවසන්නේ නිවාඩු දිනයන් හී නිල ලිපි නිකුත් කිරීම ඇමරිකානු රජය විසින් සිදුනොකරන බවයි.
වැඩිදුරටත් ඔහු පෙන්වා දෙන්නේ අදාළ ලිපිය ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය කළ නිවේදනය සමග නොගැලෙපන කරුණුද ඇතුළත් රැවටිලිකාරී උත්සාහයක් පමණක් බවයි.


