දේශපාලන

හදසි මැතිවරණයක්, එතෙක් භාරකාර ආණ්ඩුවක් – අගමැති දිනේෂ්?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වීමත් සමගම අග්‍රාමාත්‍යධූරයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පත්වනු ඇති බවට මැතිවරණ ව්‍යාපාරය තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියා සිටියා.

නමුත් ජනවරමක් සමග අගමැතිධූරය බාරගැනීමේ අපේක්ෂාවක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. නව රජයක් පිහිටුවීමට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු බවටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බවද වාර්තා වෙනවා. එතෙක් භාරකාර ආණ්ඩුවක් පත් කිරීමටත් එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය දිනේෂ් ගුණවර්ධන මහතා පත් කිරීමටත් යෝජනා වී ඇතැයි සඳහන්.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පක්ෂයේ ඉහළ පිරිස් එකඟතාවය පළ කර නැති බවත් ඔවුන්ගේ එකම අපේක්ෂාව වී ඇත්තේ වහාම මහින්ද රාජපක්ෂ මහතා අග්‍රමාත්‍යධූරයට පත්වීම බවත් වාර්තා වෙනවා.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද සවස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන විශේෂ සාකච්ඡාවකදී අවසන් තීරණය ගනු ඇතැයි ද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Rivira FB Group Rivira Youtube
To Top