හිටපු අගමැති දී.මූ. ජයරත්න මහතා පිළිබඳ වැරදි පුවතක් සමාජ ජාල තුළ හුවමාරු වෙමින් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. අපගේ වෙබ් අඩවියද මීට සුළු මොහොතකට පෙර එම පුවත වාර්තා කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරමු.
හිටපු අග්‍රාමාත්‍ය දී.මූ. ජයරත්න මහතා අසනීප තත්වයෙන් සිටියදී මෙවැනි ව්‍යාජ තොරතුරු පතුරුවා හැරීමට කිසියම් හෝ අයෙකු දැරූ එම නින්දිත උත්සාහය අපද දැඩි ලෙස හෙළාදකිමු.
මේ වන විට ඔහු අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව අනුරාධ ජයරත්න මහතා ද ෆේස්බුක් ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.

