දේශපාලන

එජාපය ප්‍රබල බල අරගලයක, විපක්ෂ නායක රනිල්ද? සජිත්ද?

2019 ජනාධිපතිවරණයෙන් ලැබූ දරුණු පරාජයත් සමග එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් යළිත් උග්‍ර වී තිබෙනවා.

අග්‍රාමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වූ රනිල් වික්‍රමසිංහ මහතාට විපක්ෂ නායකධූරය ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීන් 102ක් සිටින එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා කතානායකවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබෙනවා.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වන එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 45 දෙනෙකුගේ අත්සනින් කතානායකවරයාට යොමුකළ ලිපියකින් ඉල්ලා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායකධූරයට ලබාදෙන ලෙසයි.

නමුත් අතීත උදාහරණය අනුව මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායකධූරය ලබාදෙන ලෙස මන්ත්‍රීවරුන් 55 දෙනෙකු කළ ඉල්ලීම කතානායකවරයා බැහැර කළේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂයේ මහලේකම්වරයා අදාළ ඉල්ලීම කළ යුතු බව පවසමිනි.

ඒ අනුව කතානායකවරයාගේ තීරණය අනුව බොහෝ දුරට රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකධූරයට පත් වීමට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ගද පවසයි.

Rivira FB Group Rivira Youtube
To Top