දේශීය පුවත්

CIDය අවසන් කළ සහ ‘යට ගැසූ’ පරීක්ෂණ රැසක් යළි ඇරඹීමේ තීරණයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නඩු පැවරීමකින් තොරව අවසන් කළ පරීක්ෂණ කිහිපයක් හා පරීක්ෂණ අතර මග නවතා හෝ පරීක්ෂණ නොකර සිටි සිදුවීම් රැසක් සම්බන්ධයෙන් යළිත් පරීක්ෂණ ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ වැඩ බලන පොලිස්පතිවරයාගේ නියෝගයක් අනුවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස පත් කළේ ඔහු විසින් ජනතාව සංවේදී වූ පරීක්ෂණ කිහිපයක් නිසියාකාරව සිදු නොකළ බවට ඇති සමාජ මතය හේතුවෙන් බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොලීසියේ අවංක හා කාර්යශූර නිලධාරියෙකු ලෙස සැලකෙන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්. තිලකරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස පත්කොට තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top