News

ගෝඨාභය-මහින්ද රජයේ කැබිනට්ටුව දිවුරුම් දෙයි – ඇමතිධූර 15 මෙන්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව රජයේ සීමිත කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද (22) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවිය. ජනාධිපතිවරයා හා අගමැතිවරයා දරන අමාත්‍යංශ හැරුණුකොට අමාත්‍යධූර 15කට කැබිනට් මණ්ඩලය සීමා වීම විශේෂිතය.

1. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා – රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය
2. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා – මුදල්, ආර්ථික, බෞද්ධ හා සංස්කෘතික කටයුතු, නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස සංවර්ධන අමාත්‍ය
3. නිමල් සිරිපාල සිල්වා – ප්‍රවාහන අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය
4. ආරුමුගම් තොන්ඩමාන් – ප්‍රජා සවිබල ගැන්වීම් හා වතු යටිතල පහසුකම් අමාත්‍ය
5. දිනේෂ් ගුණවර්ධන – විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය
6. ඩග්ලස් දේවානන්ද – ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය
7. නීතිඥ පවිත්‍රා දේවි වන්නිආරච්චි – කාන්තා, ළමා කටයුතු, සමාජ ආරක්ෂණ අමාත්‍ය හා සෞඛ්‍ය, පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍ය
8. බන්දුල ගුණවර්ධන – තොරතුරු හා සන්නිවේදන අමාත්‍ය, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය
9. ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය පරිපාලන, ස්දේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
10. චමල් රාජපක්‍ෂ – මහවැලි කෘෂිකර්ම, වාර්මාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය හා අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිත හා පාරිභෝගික සුරැකීම් අමාත්‍ය
11. ඩලස් අලහප්පෙරුම – අධ්‍යාපන අමාත්‍ය හා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය
12. ජොන්ස්ටන් ප්‍රනාන්දු – මාර්ග හා මහාමාර්ග අමාත්‍ය හා වරාය හා නවුක කටයුතු අමාත්‍ය
13. විමල් වීරවංශ – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය හා කර්මාන්ත සැපයුම් කළමනාකරණ අමාත්‍ය
14. මහින්ද අමරවීර – මගී ප්‍රවාහන හා කළමණාකරණ අමාත්‍ය හා විදුලි බල හා බලශක්ති අමාත්‍ය
15. එස්.එම්. චන්ද්‍රසේන – පරිසර හා වනජීවී සම්පත් අමාත්‍ය හා ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය
16. වෛද්‍ය රමේෂ් පතිරණ – වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය
17. ප්‍රසන්න රණතුංග – කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය හා සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය

පක්ෂ නායකයෙකු වන වාසුදේව නානායක්කාර මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස පත්වීමට නියමිතයි. පක්ෂ නායක උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා අමාත්‍යධූරය ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් කියා ඇත්තේ අමාත්‍යධූර අවම කිරීම වෙනුවෙන් තමන් මෙම තීරණය ගත් බවයි.

Rivira FB Group Rivira Youtube
To Top