ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස හා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා ලෙස පත් කළ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (22) ක්‍රීඩා අමාත්‍යංශයේදී සියධූරයේ රාජකාරි ආරම්භ කළා. ඔහු 17 වැනි ක්‍රීඩා අමාත්‍යවරයාද වේ.
මීට පෙර යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යධූරයත් ප්‍රවාහන අමාත්‍යධූරයත් දරමින් කැපී පෙනෙන වැඩ කොටසක් කළ ඩලස් අලහප්පෙරුම මහතා නැකැත් බැලීමකින් තොරව රාජකාරි ආරම්භ කරන අමාත්‍යවරයෙකු ලෙස සැළකෙනවා.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ශෙහාන් සේමසිංහ, කාංචන විජේසේකර, ඩී.වී. චානක, පියල් නිශාන්ත ඇතුළු මහත්වරුන් රැසක් සහභාගී වී සිටියා.

