නව රජයේ රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීම හෙට (25) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කිරීමට සියල්ල සූදානම් කර තිබේ.
කැබිනට් මණ්ඩලයට අමාත්‍යවරු 15ක් පත්කළ ද එහිදී එක් අයෙක්ට අමාත්‍යධූර දෙක බැගින් හිමි වූ කැබිනට් ඇමතිවරු සිටී. එම අමාත්‍යංශ සඳහා රාජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකු පත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේ. ඒ අනුව මුළු රාජ්‍ය ඇමතිවරුන් ගණන 29ක් හෝ 30ක් වනු ඇති බවද වාර්තා වේ. මෙම රජය තුළ නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් නොකිරීමටද තීරණය කර තිබේ.
හෙට අමාත්‍යධූර ලැබෙන්නේ හිටපු කැබිනට් අමාත්‍යවරුන්ට හා දිස්ත්‍රික් නායකයින්ට බවයි වාර්තා වන්නේ. එහිදී ජනාධිපතිවරණය සහය දුන් සෙසු පක්ෂ මන්ත්‍රීවරුන්ටද අමාත්‍යධූර පිරිනැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

