ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූ වැට් බද්ද අඩු කිරීම අද (27) පැවති නව රජයේ පළමු කැබිනට් මණ්ඩලයේදීම ඉටු කර තිබෙනවා. ඒ අනුව නව වැට් බද්ද 8%ක් දක්වා අඩු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඉදිරියේදී ලබාදුන් සියළු පොරොන්දු ඉටු කරන බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

