මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සභාපතිධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කතානායකවරයා පවසයි.
ඒ සම්බන්ධයෙන් කතානායකවරයාගේ මතය වී ඇත්තේ මැතිවරණ සම්බන්ධයෙන් වන නව නීති සම්පාදනය කිරීම හා ඉදිරි මැතිවරණ ප්‍රශස්ථ අයුරින් පැවැත්වීම සඳහා මහින්ද දේශප්‍රිය මහතා තවදුරටත් එම ධූරයේ කටයුතු කළ යුතු බවයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රකාශකයෙකුගෙන් අප කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ මෙතෙක් ඒ සම්බන්ධයෙන් මතයක් ප්‍රකාශ කළ නොහැකි බවයි. ජනාධිපතිවරයා සිය ඉන්දීය සංචාරය අවසන් කර මෙරටට යළි පැමිණි පසු මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය දැනගත හැකි බවත් ඔහු ප්‍රකාශ කළා.


