,
News

“සුරක්ෂා” රක්ෂණයට මොකද වෙන්නෙ? නිල නිවේදයක් නිකුත් කෙරේ

යහපාලන රජයේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පාසල් සිසුන් සඳහා රක්ෂණ ක්‍රමයක් දියත් කළේ ය. එය ‘සුරක්ෂා’ ලෙස නම් කර තිබුණි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම විචේනය කරමින් පැවසුවේ අදාළ ක්‍රියාවලිය දූෂිත ක්‍රියාවලියක් බවයි. මේ අතර පසුගිය දිනෙක රජයේ ඇමතිවරයෙක් ප්‍රකාශ කර තිබුණේ ‘සුරක්ෂා’ රක්ෂණය හා පාසල් සිසුන්ට ටැබ් පරිඝනක ලබාදීමේ ව්‍යාපෘතිය නිසි පරීක්ෂණයක් සිදුකරන තුරු අත්හිටවූ බවයි. මීට පෙර රජය ක්‍රියාත්මක කළ පාසල් නිල ඇඳුම් වෙනුවට වව්චර් ලබා දීමේ ක්‍රමවේදයද ඉදිරි වර්ෂයටත් ක්‍රියාත්මක කරන බවද මේ විටත් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

නමුත් මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරන්නේ ‘සුරක්ෂා’ රක්ෂණය ඉතාමත් හොඳ ව්‍යාපෘතියක් බවයි. එය ක්‍රියාත්මක කරවීමේ පාර්ශවයේ තිබූ දෝෂ ඉවත් කර දිගටම එය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බවද ඔහු සඳහන් කළා.

Rivira Ads
To Top