“ලන්ඩන් බ්‍රිජ්” නම් පාලම මත ඊයේ (29) සවස 2ට පමණ සිදුවූ පිහි ඇනුම්වලින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. තවත් තිදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ප්‍රහාරකයා 2012 වසරේදීද ත්‍රස්ථ කටයුතු සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වූ උස්මාන් කාන් නැමැති 28 හැවිරිදි පුද්ගලයෙකු බව ලන්ඩන් නාගරික පොලිසිය පවසා තිබෙනවා.

බන්ධනාගාර ගතවූවන් පුනුරුත්තාපනය කිරීම පිළිබඳ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය විසින් පැවැත්වූ සම්මන්ත්‍රණයකට මෙලෙස බන්ධනාගාර ගතවූවන් පිරිසක් හා සිසුන් පිරිසක් සහභාගී වී තිබෙනවා. ප්‍රහාරකයාද ඊට සම්බන්ධ වූවෙකු බව මේ විට අනාවරණය වී තිබෙනවා.
සැකකරු ව්‍යාජ බෝම්බයක් අටවාගෙන සිටි බැවින් සිදුවීම පාලනය කිරීම සංකීර්ණ වී තිබෙන බවත් සඳහන්. කෙසේ නමුත් සිදුවීම අතරතුර පොලීසිය විසින් උස්මාන් කාන් වෙඩි තබා ඝාතනය කර ඇති බවද ලන්ඩන් නාගරික පොලීසිය තහවුරු කර තිබෙනවා.
Police and emergency services at the scene of an incident on London Bridge in central London following a police incident, Friday, Nov. 29, 2019. British police said Friday they were dealing with an incident on London Bridge, and witnesses have reported hearing gunshots. The Metropolitan Police force tweeted that officers were ???in the early stages of dealing with an incident at London Bridge.??? (Gareth Fuller/PA via AP) LONDON, ENGLAND – NOVEMBER 29: Metropolitan Police Armed Response officers gather near Borough Market after reports of shots being fired on London Bridge on November 29, 2019 in London, England. Police responded to an incident around 2:00 pm local time, followed by reports of gunfire. (Photo by Chris J Ratcliffe/Getty Images)

