ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාව පැහැරගත් බවට එම තානාපති කාර්යාලයෙන් කරනු ලැබූ චෝදනාව මෙතෙක් කළ පරීක්ෂණවලින් තහවුරු වී නැති බවත් තානාපති කාර්යාලය ඉදිරිපත් කරනු ලබන තොරතුරු සහ අදාළ සේවිකාවගේ එදින චර්යාව අතර බරපතල පරස්පරතාවයක් ඇති බවත් පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.
පරීක්ෂණ සඳහා අවශ්‍ය අවම සහයෝගයවත් ලබාදීමට ස්විස් තානාපති කාර්යාලය කටයුතු කර නැති බව පවසන ඔවුන් නිවැරදි පරීක්ෂණයක් සිදුකිරීම සඳහා සහයවන ලෙස තානාපති කාර්යාලයට දැනුම් දුන් බවද සඳහන්.
මෙම සිදුවීම අලලා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය හමුවේ වැරදි චිත්‍රයක් ඇති කිරීමට ස්විස් තානාපති කාර්යාලය කටයුතු කරන බව පෙනී යන බවට මහා සංඝරත්නයද ප්‍රකාශ කර සිටියා. මේ සම්බන්ධයෙන් ඇත්ත දැන ගැනීම සඳහා කෙරෙන පරීක්ෂණවලට සහය නොදැක්වීම පිළිබඳ කණගාටුවන බවද මෙය බරපතල රාජතාන්ත්‍රික අර්බුධයක් දක්වා ගෙන නොයා යුතු බවද මහා සංඝරත්නය අවධාරණය කර සිටිනවා.
විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පහතින්


