දේශපාලන

සජිත්ට සනීපයි – විපක්ෂ නායකධූරයටත් නම් කරයි, පක්ෂ නායකත්වය ගැන තීරණයත් ඉක්මණින්ම

විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එජාප පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කර තිබේ.

අද (05) පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ. ඊට අදාළ නිල ලිපියද එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ අත්සනින් යුක්තව කතානායකවරයා වෙත යොමු කර ඇතැයිද වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳවද නුදුරු දිනකදීම තීරණයක් ගැනීමට එජාප පාර්ලිමේන්තු කණ්ඩායම එකඟ වී රැස්වීම අවසන් කර ඇතැයිද වාර්තා වේ.

පසුගිය දිනවල අසනීප තත්වයක් හේතුවෙන් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡා ගණනාවකටම සහභාගී විය නොහැකි බව දැන්වූ සජිත් ප්‍රේමදාස මහතා අද දින රැස්වීමට සහභාගී වී සිටින අයුරු දකින්නට ලැබිණි. ඒ අනුව ඔහුගේ සෞඛ්‍ය තත්වය යළි යහපත් අතට හැරී ඇත.

Rivira FB Group Rivira Youtube
To Top